• අපි ගැන
    අපි ගැන
  • ඔබේ කතාව එවන්න
    ඔබේ කතාව එවන්න
  • සිංහල
    සිං
  • தமிழ்
    த
  • English
    En
All
1940
1950
1960
1970
1980
1990
2000
2010
කතා කියවීමට
බෙදා ගැනීමට
සවන් දීමට
Your browser dose not Support the audio Tag

අපි ගැන

පසුගිය පෙබරවාරි 04 වන දිනට ශ්‍රී ලංකාව නිදහස ලබා 70 වසරක් සපිරුණි. මෙකී ඓතිහාසික ගමන දෙස අප මේ තාක් කාලයක් හැරී බලා ඇත්තේ දේශපාලනික සංධිස්ථානයන් සහ ඓතිහාසික සිද්ධීන් හරහා පමණි. එහිදී මේ දශක හත තුළ ජීවත් වුණු හා ඒ දේශපාලන වාතාවරණයන් මැද දිවි ගෙවූ මිනිසුන්ගේ කතාන්දර අපට හමු වන්නේ නැත. මතක සංචිතය :(Archive of Memory) හරහා අපි තැත් කරන්නේ සාමාන්‍ය ශ්‍රී ලාංකිකයන්ගේ ජීවිත අත්දැකීම් සහ මතකයන් තුලින් නිදහසින් පසු අප ආ මග දෙස නැවත හැරී බැලීමටයි.

 මෙහිදී ශ්‍රී ලංකාවේ දේශපාලනික, ආර්ථික සහ සමාජීය වශයෙන් වැදගත්කමක් උසුලන සිද්ධීන් හා මොනම ආකාරයේ හෝ සම්බන්ධතාවයක් පවතින පුද්ගලික අත්දැකීම් ඉතා කෙටි කතාන්දර ලෙස ඉදිරිපත් කිරීමට අපි උත්සුක වුනෙමු. මෙකී සෑම කතාවක්ම කිසියම් වස්තුවක් වටා ගෙතෙන අතර, ඒවා බොහෝ දුරට ඉතාමත් සාමාන්‍ය, එදිනෙදා භාවිතයේ හමුවන තේ කෝප්පයක්, පැරණි කන්නාඩි කුට්ටමක් හෝ හුණු කිල්ලෝටයක් විය හැක. එසේ ද්‍රව්‍යමය වස්තුවක් කතාවකට ඈඳා ගැනීමට මූලික කාරණය නම් මතකයන් රඳවා ගැනීමට එවැනි වස්තූන්වලට ඇති හැකියාවයි.

මෙම වසර තුළ එවැනි අත්දැකීම් 70ක කතා කළඹක් ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි. එයින් තෝරා ගත් කතාන්දර කිහිපයකට මෙහිදී සවන් දෙන ලෙස අපි ඇරයුම් කර සිටිමු. ඒවා අන්තර්ජාලය ඔස්සේ www.archiveofmemory.lk වෙබ් අඩවිය වෙත පිවිසීමෙන්ද පරිශීලනය කළ හැකි එකතුවක් ලෙස සකසා ඇත.

 

මෙවන් කතාවක් අප හා බෙදා හදා ගැනීමට ඔබත් කැමතිද? එසේ නම් 'ඔබේ කතාව එවන්න’ පිටුවට ගොස් ඔබේ කතන්දර අප වෙත ඉදිරිපත් කරන්න.

 

ඔබේ කතාව එවන්න

  • 94764521768
  • No. 25 Elibank Road, Colombo 05, Sri Lanka
  • [email protected]
qr code

කතන්දර වෙත ආපසු
banner img